Youtube Video බාන්න ලේසි ක්‍රම

Youtube Video බාන්න ලේසි ක්‍රම කිහිපයක්.

1. ඔන්න යාලුවනේ මේ ක්‍රමේ තමයි මට නම් ලේසිම :) හැබැයි මේක වැඩ කරන්නේ Firefox සදහා පමණයි https://addons.mozilla.org/en-us/firefox/addon/easy-youtube-video-downl-10137/ ඔන්න ලින්ක් එක එකෙන් ගිහින් Download Now බටන් එක කික් කරල බාගන්න. මේක Extension එකක් ඒක instroll වුනාට පස්සේ http://www.youtube.com/ ගිහින් බලන්න. Youtube Video එකට යටින් Download බටන් එකක් ඇති :)

2. මේකත් ගොඩක් යාලුවෝ දන්න දෙයක් :) http://keepvid.com/ මෙන්න ලින්ක් එක . මේකේ කරන්න තියෙන්නේ download කිරීමට අවශ්‍ය video එකේ ලින්ක් එක දාල download කික් කරන එක විතරයි. හැබැයි computer එකේ ජාවා දාල තියෙන ඕනේ . එකත් නැත්නම් http://www.java.com/getjava මේ ලින්ක් එකෙන් ගන්න :)

3. මෙන්න අනිත් එක http://youtubedownload.altervista.org/ මේක පොඩි software කෑල්ලක්. මේකෙත් කලින් වගේම video එකේ ලින්ක් එක දෙන්න තියෙන්නේ :)

.
.
.
.
එහනම් මන් ගියා :) මේ පොස්ට් එක වැදගත් වුනා නම් comment එකක් දාල යන්න :)
ඉතුරු ටික කියවන්න

සුපිරිම facebook චැට් code කිහිපයක්



යාලුවනේ ඔන්න මම අද සුපිරිම වැඩක් අරන් ආව :) මෙන්න මේ code ටික චැට් කරද්දී යාලුවොන්ට යවල බලන්න. මේව දන්න අයත් දැන් ගොඩක් ඇති. පාවිච්චි කරලා ම බලන්න.


[[f9.laugh]]
[[f9.sad]]
[[f9.angry]]
[[f9.sleepy]]
[[f9.shock]]
[[f9.kiss]]
[[f9.inlove]]
[[f9.pizza]]
[[f9.coffee]]
[[f9.rain]]
[[f9.bomb]]
[[f9.sun]]
[[f9.heart]]
[[f9.heartbreak]]
[[f9.doctor]]
[[f9.ghost]]
[[f9.brb]]
[[f9.wine]]
[[f9.gift]]
[[f9.adore]]
[[f9.angel]]
[[f9.baloons]]
[[f9.bowl]]
[[f9.cake]]
[[f9.callme]]
[[f9.clap]]
[[f9.confused]]
[[f9.curllip]]
[[f9.devilface]]
[[f9.lying]]
[[f9.rofl]]
[[f9.billiard]]
[[f9.cakepiece]]
[[f9.rosedown]]
[[f9.shutmouth]]
[[f9.shy]]
[[f9.silly]]
[[f9.tongue1]]
[[f9.fastfood]]
[[f9.ring]]
[[f9.plate]]
[[f9.candle]]
[[f9.party]]

වැඩේ හොදයි නම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා .:)
ඉතුරු ටික කියවන්න
අපි අද බලමු ඉහත රුපයේ ආකාරයට ජාලගත කර ඇති පරිගණක අතර චැට් කරන ආකාරය. මෙය පරිගණක 2ක් හෝ ඊට වැඩි ඕනෑම පරිගණක කිහිපයක් සමග භාවිතා කරන්න පුළුවන්. 
එහි ඇති පහසු කම් මෙසේය 

  1. දෙදෙනෙකු සමග හෝ කිහිප දෙනෙකු සමග චැට් කිරීමේ හැකියාව 
  2. දත්ත හුවමාරුව 
තව ගොඩක් වැඩ වැඩ තියනවා :) ඔන්න ලින්ක් එක download කරලම බලන්න. http://sourceforge.net/projects/lanmsngr/

එහෙනම් මම ගියා :)
ඉතුරු ටික කියවන්න

ඩොස් භාවිතය (MS-DOS) 2

ඔන්න යාලුවනේ මම කිව්ව විදියටම  MS-DOS ගැන තවත් පොස්ට් එකක් අරන් ආව :)
ඩොස් ගැන දාපු පළවෙනි පොස්ට් එක >  ඩොස් භාවිතය (MS-DOS) 1


දැන් ඔබ command prompt එක ඕපන් කල පසු ඉහත පරිදි දිස් වෙනු ඇත .
දැන් ඔබ සිටින්නේ C:\Users\user name> නැමැති directory එක තුලය C: drive එක වෙත යෑම සදහා cd\ යනුවෙන් type කර enter කරන්න .



දැන් අපි බලමු (MS-DOS) මගින් folder එකක් create කරගන්නා ආකාරය . 
md cmdlearn යනුවෙන් type කරන්න මෙහි cmdlearn යනු අප සාදන folder එකේ නමයි . ඔබ එයට කැමති නමක් ලබා දෙන්න .


දැන් එම folder එක create වී ඇත්දැයි බැලීමට dir යනුවෙන් type කර enter කරන්න .


එම folder එක තුලට පිවිසීම සදහා cd cmdlearn යනුවෙන් type කර enter කරන්න . නැවතත් C: වෙත පිවිසීම සදහා cd.. යනුවෙන්  type කර enter කරන්න.


දැන් අපි බලමු එම folder එක delete කරන්නේ කෙසේද කියා. del cmdlearn යනුවෙන්  type කර enter කරන්න. දැන් cmdlearn\*, Are you sure (Y/N)? යනුවෙන් අසයි දැන් එහි y යනුවෙන්  type කර enter කරන්න.

දැන් EXIT යනුවෙන්  type කර enter කරන්න. :D යාලුවනේ දැන් නම් හොදටම මහන්සියි :) මන් අදට නතර වුනා . ප්‍රශ්න තියනවා නම් පහතින් ලියන්න . මන් හැකි ඉක්මනින් උදව් කරන්නම් :)

ඉතුරු ටික කියවන්න
අපි අද බලමු නොමිලේ ලබාගත හැකි මෘදුකාංග කිහිපයක් ගැන. මේවා වින්ඩොව්ස් මෙහෙයුම් පද්දතිය සදහා සකසා ඇති ඒවාය. මේවට Activation Code / Serial Number / Crack / Keygen කිසිවක් නොමැත :)
  1. Mozilla Thunderbird ( ඊ-mail සදහා )
  2. Open Office ( Microsoft Office වෙනුවට භාවිතා කල හැක )
  3. Gaim ( චැට් කිරීමට )
  4. ClamWin ( ඇන්ටි වයිරස් මෘදුකාංගයක් )
  5. VLC Media Player (සියලුම Audio/video සදහා )
  6. KeePass ( මුරපද රැක ගැනීම සදහා )
  7. Eraser ( දත්ත ආරක්ෂිතව මැකීම සදහා )
  8. Filezilla ( FTP සදහා )
  9. Nmap ( පොර්ට් ස්කෑන් කිරීමට )
  10. Mozilla Firefox ( අන්තර්ජාලයේ සැරිසැරීමට )
  11. HTTrack ( වෙබ් අඩවි copy කිරීමට )
http://sourceforge.net/ මෙම වෙබ් අඩවියෙන් සියලුම ඔපෙන් සෝස් මෘදුකාංග ලබා ගත හැක .
.
.
.
.
අද පොස්ට් එක කෙටියෙන් ඉවර කරන්න වුනා :/ මට තව දවස් 2කින් EXAM ඒකයි ප්‍රශ්නෙ :(
එහෙනම් යාලුවනේ මන් ගියා . ඔයාලට මෙම මෘදුකාංග ගැන ප්‍රශ්න එහෙම තියනව නම් පහත සටහන් කරන්න මන් හැකි ඉක්මනින් පිළිතුරු සපයන්නම් :) 

ඉතුරු ටික කියවන්න
අන්තර්ජාලය භාවිතා කරන අපි කාටත් පැනනගින ප්‍රශ්ණයක් තමයි නොයෙකුත් වෙබ් අඩවි වලට පිවිසිය නොහැකි වීම . එයට හේතු 2ක් ඇත . පළමු හේතුව වන්නේ isp විසින් නොසුදුසු වෙබ් අඩවි බ්ලොක් කිරීම . දෙවන හේතුව වන්නේ නොයෙකුත් වෙබ් අඩවි රටවල් කීපයකට පමණක් සිමා වීම. එහෙත් එවැනි වෙබ් අඩවි වලට පිවිසිය හැකි ක්‍රම කීපයක් තිබේ . අද මම කියන්න යන්නේ එයින් ලෙහෙසිම පහසුම ක්‍රමයයි :)



අපි දැන් බලමු මේක කොහමද කරන්නෙ කියල . මුලින්ම http://www.ninjacloak.com/ මෙම අඩවියට පිවිසෙන්න .

ඉහත රුපයේ ඊතලයෙන් දැක්වෙන ස්ථානයේ ඔබට පිවිසීමට අවශ්‍ය වෙබ් අඩවිය සටහන් කරන්න . 
දැන් Go බට්ටන් එක කික් කරන්න . දැන් ඔබට අවශ්‍ය වෙබ් අඩවිය පෙනෙනු ඇත. වැඩේ ගොඩනෙ :) 
මෙන්න ඒවගේ තවත් Proxy අඩවි කීපයක් .
http://ninjacloak.org/
http://www.theninjacloak.com/
http://www.ninjacloak.me/
http://www.theninjacloak.com/

එහෙනම් මන් ගියා :) වැඩේ හොදයි නම් පහත තියන comment box එකේ මොකක් හරි ලියන්න .
යාලුවනේ ඔයාලට පුළුවන් නම් විතරක් site එකේ Join this site බටන් එක කික් කරල අපිට එකතු වෙන්න . :)
ඉතුරු ටික කියවන්න
අද මම කියන්න යන්නේ හැමදාම කියනව වගේ අපි කාටත් වැදගත් දෙයක් :D අපි බලමු වැඩේ කොහමද කරන්නෙ කියල . මේක දන්න අයත් ගොඩක් ඇති :)

මුලින්ම මේ software එක බාගන්න > http://www.piriform.com/recuva/download/standard

දැන් software එක පරිගණකයට ඉන්ස්ට්‍රෝල් කරන්න .


පළමු වතාවට software එක ඔපෙන් කරද්දී මෙහෙම එකක් එයි . ඒකෙ do not show this wizard on startup. කියන එකට හරි ලකුණ දාල cancel කරන්න. නැත්නම් මල වදේ කොයිවෙලාවෙත් එනව :D


දැන් ඉහත රුපයේ පරිදි ඔබට කැමති drive එක select කරල scan කරන්න . scan වෙලා ඉවර වුනාම ඔයාට ඕන files ටික select කරල Recovery කික් කරන්න :) වැඩේ ඉවරයි. ප්‍රශ්න තියනව නම් අහන්න :)
යාලුවනේ ඔයාලට පුළුවන් නම් විතරක් site එකේ Join this site බටන් එක කික් කරල මට සහයෝගය දක්වන්න :) 
ඉතුරු ටික කියවන්න

ඩොස් භාවිතය (MS-DOS) 1

2012.12.12 ත් වුනා :) මට හිතුන 2012.12.21 වෙන්න කලින් යාලුවොන්ට වැදගත් දෙයක් දෙන්න ඕනේ කියල :) කල්පනා කරල කල්පනා කරල අන්තිමට මට හිතුන (MS-DOS) වගේ දෙයක් බාවිතා කරන ආකාරය කෙටියෙන් කියල දුන්නොත් ගොඩක් වටියි කියල :) එහෙනම් අපි වැඩි කතා නැතුව වැඩේට බහිමු

මොකක් ද මේ DOS කියන්නේ. ඒකෙ තේරුම තමයි (Disk Operating System) මෙය ලෝකයේ පළමු පරිගණක මෙහෙයුම් පද්දති අතරට වැටෙන එකක්. මෙය අද වන විටත් ගොඩක් ප්‍රයෝජනවත් මෙහෙයුම් පද්දතියක් . මෙය වින්ඩොව්ස් මතදී command prompt යනුවෙන් ද හදුන්වයි .

මෙය මුල්කාලයේ ආවේ bootable floppy එකක් ලෙසය. පසුව මෙය සෑම වින්ඩොව්ස් මෙහෙයුම් පද්දතියක් සමගම මෘදුකාංගයක් ලෙස ස්ථාපනය විය . ඔබත් දැන් භාවිත කරන්නේ වින්ඩොව්ස් මෙහෙයුම් පද්දතියක් නම් එය අනිවාර්යෙන්ම ඔබගේ පරිගණකයේ ස්ථාපනය වී ඇත .

ඉහත රුපයේ දැක්වෙන්නේ එම මෙහෙයුම් පද්දතියයි . 

අපි දැන් බලමු මෙය භාවිත කරන්නේ කොහොමද කියල . මුලින්ම පහත රුපයේ පරිදි  "search programs and files" මත CMD යනුවෙන් type කර Enter key එක press කරන්න. මෙහෙයුම් පද්දතිය වින්ඩොව්ස් xp නම් start > run මත CMD යනුවෙන් type කර Enter key එක press කරන්න.

දැන් අපි බලමු dos මගින් hard-drive එකේ ඇති වෙනත් partition එකක් වෙත යන ආකාරය 
උදාහරණයක් :- ඔබ දැනටමත් සිටින්නේ C: drive එක තුලය D: drive එක වෙත යෑම සදහා dos මත D: යනුවෙන් type කර enter කරන්න .
දැන් ඔබට ඉහත පරිදි දිස්වනු ඇත . එහි ඇති folder බැලීම සදහා DIR යනුවෙන් type කර enter කරන්න. files බැලීම සදහා ATTRIB යනුවෙන් type කර enter කරන්න. 

යාලුවනේ දැන් නම් මගේ වෙලාව ඉවර වේගෙන යන්නේ :( . ලගදීම අලුත් පාඩමකින් අමුවෙමු :) .
dos වලින් ඉවත් වීම සදහා EXIT යනුවෙන් type කර enter කරන්න. 
යාලුවනේ ඔයාලට පුළුවන් නම් විතරක් site එකේ Join this site බටන් එක කික් කරල මට සහයෝගය දක්වන්න :) 
ප්‍රශ්න තියනව නම් comment එකක් දාල යන්න. වැරදි තියනවා නම් කියන්න මාත් තාම ඉගෙනගන්නව. එහෙනම් මම ගියා :)

ඉතුරු ටික කියවන්න


මෙමෙ බ්ලොග් අඩවියෙහි උපුටා ගත් කිසිවක් නොමැත. මෙහි ඇති කිසිවක් අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.