මේක අපි කාටත් වැදගත් දෙයක් වෙන්න පුළුවන් . වෙබ් අඩවියක හෝ බ්ලොග් අඩවියක වටිනාකම ඉතාම පහසුවෙන් තීරණය කළහැක . මෙහි වටිනාකම තීරණය කරන්නේ දිනකට පිවිසෙන අමුත්තන් ගණන හා බලන පිටු ගණන අනුවය . අපි බලමු මෙය භාවිතා කරන්නේ කොහමද කියල .
මුලින්ම මෙම අඩවියට පිවිසෙන්න :- http://www.worthofweb.com/

දැන් එහි ඔබ කැමති බ්ලොග් අඩවියක් හෝ වෙබ් අඩවියක් සටහන් කර Calculate කික් කරන්න :) දැන් ඔබට එම වෙබ් අඩවියෙහි වටිනාකම තීරණය කල හැක :)

ඉතුරු ටික කියවන්න
2013 වෙන්න තව පොඩි වෙලාවයි තියෙන්නෙ :) මට සුපිරිම වැඩක් සෙට් වුනා :D
මෙන්න මේ වගේ චැට් කරද්දි අකුරට අදාළ චැට් code ටික :) ඔයාලත් පාවිච්චි කරලම බලන්න :)


[[107015582669715]]  = A
[[116067591741123]]  = B
[[115602405121532]]  = C
[[112542438763744]]  = D
[[115430438474268]]  = E
[[109225112442557]]  = F
[[111532845537326]]  = G
[[111356865552629]]  = H
[[109294689102123]]  = I
[[126362660720793]]  = J
[[116651741681944]]  = K
[[115807951764667]]  = L
[[106596672714242]]  = M
[[108634132504932]]  = N
[[116564658357124]]  = O
[[111669128857397]]  = P
[[107061805996548]]  = Q
[[106699962703083]]  = R
[[115927268419031]]  = S
[[112669162092780]]  = T
[[108983579135532]]  = U
[[107023745999320]]  = V
[[106678406038354]]  = W
[[116740548336581]]  = X
[[112416755444217]]  = Y
[[165724910215]]     = Z

එහෙනම් අපි ගියා :) සුබ අලුත් අවුරුද්දක් ඔයාට :)
ඉතුරු ටික කියවන්න
ඔන්න යාලුවනේ මම අද සුපිරිම වැඩක් අරන් ආව. අන්තර්ජාලය භාවිතා කරන අපිට තියන විශාලතම ප්‍රශ්නය තමයි හැම site එකකම sinup වෙන එක. නැත්නම් account එක හදද්දී සල්ලි ඉල්ලීම :/ මේ ප්‍රශ්ණයට විසදුමක් මට හම්බුනා හැබැයි මේක 100% ක් සාර්ථක නැ . මම නම් account දෙක තුනක් ම ගත්ත :) එහෙනම් යාලුවනේ අපි බලමු කොහමද මේක භාවිතා කරන්නේ කියල . වැඩේ හරිගියාට පස්සෙ පුළුවන් නම් මගේ බ්ලොග් එකේ Join this site බටන් එක කික් කරල අපිට එකතු වෙන්න :)


මුලින්ම මෙම http://bugmenot.com/ අඩවියට පිවිසෙන්න. පහත රුපයේ පරිදි ඔබට අවශ්‍ය වෙබ් අඩවියේ URL එක සටහන කර Get Logins බටන් එක කික් කරන්න .


දැන් ඔබට අවශ්‍ය වෙබ් අඩවියේ account වල විස්තර කව්රු හෝ ඇතුලත් කර ඇත්නම් ඔබට දිස්වෙනු ඇත. එම වෙබ් අඩවියේ username and password කව්රු හෝ වෙනස් කර ඇත්නම් ඒවා ක්‍රියාත්මක නොවනු ඇත. try කරල බලන්න මට නම් වැඩේ හරි ගියා . :)

ඉතුරු ටික කියවන්න
අපිට නිතරම අමතක වෙන දෙයක් නෙ password කියන්නෙ :D නොයෙකුත් අවස්ථාවල password එක browser එකට save වෙලා තිබුනත් password මතක නැ :/ එවැනි අවස්ථා වලදී ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් තමයි මම අද කියන්න යන්නනේ. හැබැයි මේක දන්න අයත් ගොඩක් ඇති :)

මුලින්ම Firefox- Options- Options වෙත යන්න .

දැන් එම වින්ඩොව් එකේ Security ටැබ් එක මත කික් කරන්න . 


ඔබට දිස්වෙන වින්ඩෝවෙහි Saved Passwords මත කික් කරන්න .

දැන් ඔබට තියෙන්නේ Show Passwords කික් කිරීම පමණයි :) 
වැඩේ හොදයි නම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා :D 


ඉතුරු ටික කියවන්න

වින්ඩොව්ස් 8 සදහා keyboard shortcuts

වින්ඩොව්ස් 8 යනු පෙර තිබු වින්ඩොව්ස් මෙහෙයුම් පද්දති වලට වඩා විශාල වෙනස්කම් කිහිපයක් සිදුකර ඇති මෙහෙයුම් පද්දතියක් ය. ඕනෑම කෙනෙක් ට පහසුවෙන් තේරුම් ගතහැකි හා පහසුවෙන් හැසිරවිය හැකිය. වින්ඩොව්ස් මෙහෙයුම් පද්දති සදහා පෙර භාවිතා කල keyboard shortcuts වලට අමතරව තවත් keyboard shortcuts කිහිපයක් මෙහි හදුන්වා දී ඇත.

එම keyboard shortcuts සියල්ල PDF එකක් ලෙස ලබාගැනීම සදහා පහත ලින්ක් එකට පිවිසෙන්න .

http://www.mediafire.com/view/?g3g0dm1lhvz4nl0

Password :- thaweesha



ඉතුරු ටික කියවන්න
වින්ඩොව්ස් 8 භාවිතා කරන අපිට තියන ගැටලුවක් තමයි පරණ ස්ටාර්ට් මෙනු එක නැති එක :) දැන් තියන ස්ටාර්ට් මෙනු එකත් හොදයි . එත් අපේ යාළුවා තාම එකට පරුදු වෙලා නැ :D අලුත් ස්ටාර්ට් මෙනු එකට පුරුදු වෙනකල් අපිට භාවිතා කරන්න පුළුවන් හොදම ස්ටාර්ට් මෙනු එකතමයි pokki . මෙය පහසුකම් රැසකින් සමන්විතයි. මෙයටම ආවේනිකවූ apps විශාල ප්‍රමාණයක් මෙහි අන්තර්ගත වේ . Angry Birds ගහන්නත් පුළුවන් :)

මෙම ලින්ක් එකෙන් භාගත් කරන්න :- https://www.pokki.com/

ඒවගේම තවත් එකක් :- http://www.stardock.com/products/start8/



මෙම ලිපිය වැදගත් වුනානම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා :)
ඉතුරු ටික කියවන්න

Youtube Video බාන්න ලේසි ක්‍රම

Youtube Video බාන්න ලේසි ක්‍රම කිහිපයක්.

1. ඔන්න යාලුවනේ මේ ක්‍රමේ තමයි මට නම් ලේසිම :) හැබැයි මේක වැඩ කරන්නේ Firefox සදහා පමණයි https://addons.mozilla.org/en-us/firefox/addon/easy-youtube-video-downl-10137/ ඔන්න ලින්ක් එක එකෙන් ගිහින් Download Now බටන් එක කික් කරල බාගන්න. මේක Extension එකක් ඒක instroll වුනාට පස්සේ http://www.youtube.com/ ගිහින් බලන්න. Youtube Video එකට යටින් Download බටන් එකක් ඇති :)

2. මේකත් ගොඩක් යාලුවෝ දන්න දෙයක් :) http://keepvid.com/ මෙන්න ලින්ක් එක . මේකේ කරන්න තියෙන්නේ download කිරීමට අවශ්‍ය video එකේ ලින්ක් එක දාල download කික් කරන එක විතරයි. හැබැයි computer එකේ ජාවා දාල තියෙන ඕනේ . එකත් නැත්නම් http://www.java.com/getjava මේ ලින්ක් එකෙන් ගන්න :)

3. මෙන්න අනිත් එක http://youtubedownload.altervista.org/ මේක පොඩි software කෑල්ලක්. මේකෙත් කලින් වගේම video එකේ ලින්ක් එක දෙන්න තියෙන්නේ :)

.
.
.
.
එහනම් මන් ගියා :) මේ පොස්ට් එක වැදගත් වුනා නම් comment එකක් දාල යන්න :)
ඉතුරු ටික කියවන්න

සුපිරිම facebook චැට් code කිහිපයක්



යාලුවනේ ඔන්න මම අද සුපිරිම වැඩක් අරන් ආව :) මෙන්න මේ code ටික චැට් කරද්දී යාලුවොන්ට යවල බලන්න. මේව දන්න අයත් දැන් ගොඩක් ඇති. පාවිච්චි කරලා ම බලන්න.


[[f9.laugh]]
[[f9.sad]]
[[f9.angry]]
[[f9.sleepy]]
[[f9.shock]]
[[f9.kiss]]
[[f9.inlove]]
[[f9.pizza]]
[[f9.coffee]]
[[f9.rain]]
[[f9.bomb]]
[[f9.sun]]
[[f9.heart]]
[[f9.heartbreak]]
[[f9.doctor]]
[[f9.ghost]]
[[f9.brb]]
[[f9.wine]]
[[f9.gift]]
[[f9.adore]]
[[f9.angel]]
[[f9.baloons]]
[[f9.bowl]]
[[f9.cake]]
[[f9.callme]]
[[f9.clap]]
[[f9.confused]]
[[f9.curllip]]
[[f9.devilface]]
[[f9.lying]]
[[f9.rofl]]
[[f9.billiard]]
[[f9.cakepiece]]
[[f9.rosedown]]
[[f9.shutmouth]]
[[f9.shy]]
[[f9.silly]]
[[f9.tongue1]]
[[f9.fastfood]]
[[f9.ring]]
[[f9.plate]]
[[f9.candle]]
[[f9.party]]

වැඩේ හොදයි නම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා .:)
ඉතුරු ටික කියවන්න
අපි අද බලමු ඉහත රුපයේ ආකාරයට ජාලගත කර ඇති පරිගණක අතර චැට් කරන ආකාරය. මෙය පරිගණක 2ක් හෝ ඊට වැඩි ඕනෑම පරිගණක කිහිපයක් සමග භාවිතා කරන්න පුළුවන්. 
එහි ඇති පහසු කම් මෙසේය 

  1. දෙදෙනෙකු සමග හෝ කිහිප දෙනෙකු සමග චැට් කිරීමේ හැකියාව 
  2. දත්ත හුවමාරුව 
තව ගොඩක් වැඩ වැඩ තියනවා :) ඔන්න ලින්ක් එක download කරලම බලන්න. http://sourceforge.net/projects/lanmsngr/

එහෙනම් මම ගියා :)
ඉතුරු ටික කියවන්න

ඩොස් භාවිතය (MS-DOS) 2

ඔන්න යාලුවනේ මම කිව්ව විදියටම  MS-DOS ගැන තවත් පොස්ට් එකක් අරන් ආව :)
ඩොස් ගැන දාපු පළවෙනි පොස්ට් එක >  ඩොස් භාවිතය (MS-DOS) 1


දැන් ඔබ command prompt එක ඕපන් කල පසු ඉහත පරිදි දිස් වෙනු ඇත .
දැන් ඔබ සිටින්නේ C:\Users\user name> නැමැති directory එක තුලය C: drive එක වෙත යෑම සදහා cd\ යනුවෙන් type කර enter කරන්න .



දැන් අපි බලමු (MS-DOS) මගින් folder එකක් create කරගන්නා ආකාරය . 
md cmdlearn යනුවෙන් type කරන්න මෙහි cmdlearn යනු අප සාදන folder එකේ නමයි . ඔබ එයට කැමති නමක් ලබා දෙන්න .


දැන් එම folder එක create වී ඇත්දැයි බැලීමට dir යනුවෙන් type කර enter කරන්න .


එම folder එක තුලට පිවිසීම සදහා cd cmdlearn යනුවෙන් type කර enter කරන්න . නැවතත් C: වෙත පිවිසීම සදහා cd.. යනුවෙන්  type කර enter කරන්න.


දැන් අපි බලමු එම folder එක delete කරන්නේ කෙසේද කියා. del cmdlearn යනුවෙන්  type කර enter කරන්න. දැන් cmdlearn\*, Are you sure (Y/N)? යනුවෙන් අසයි දැන් එහි y යනුවෙන්  type කර enter කරන්න.

දැන් EXIT යනුවෙන්  type කර enter කරන්න. :D යාලුවනේ දැන් නම් හොදටම මහන්සියි :) මන් අදට නතර වුනා . ප්‍රශ්න තියනවා නම් පහතින් ලියන්න . මන් හැකි ඉක්මනින් උදව් කරන්නම් :)

ඉතුරු ටික කියවන්න
අපි අද බලමු නොමිලේ ලබාගත හැකි මෘදුකාංග කිහිපයක් ගැන. මේවා වින්ඩොව්ස් මෙහෙයුම් පද්දතිය සදහා සකසා ඇති ඒවාය. මේවට Activation Code / Serial Number / Crack / Keygen කිසිවක් නොමැත :)
  1. Mozilla Thunderbird ( ඊ-mail සදහා )
  2. Open Office ( Microsoft Office වෙනුවට භාවිතා කල හැක )
  3. Gaim ( චැට් කිරීමට )
  4. ClamWin ( ඇන්ටි වයිරස් මෘදුකාංගයක් )
  5. VLC Media Player (සියලුම Audio/video සදහා )
  6. KeePass ( මුරපද රැක ගැනීම සදහා )
  7. Eraser ( දත්ත ආරක්ෂිතව මැකීම සදහා )
  8. Filezilla ( FTP සදහා )
  9. Nmap ( පොර්ට් ස්කෑන් කිරීමට )
  10. Mozilla Firefox ( අන්තර්ජාලයේ සැරිසැරීමට )
  11. HTTrack ( වෙබ් අඩවි copy කිරීමට )
http://sourceforge.net/ මෙම වෙබ් අඩවියෙන් සියලුම ඔපෙන් සෝස් මෘදුකාංග ලබා ගත හැක .
.
.
.
.
අද පොස්ට් එක කෙටියෙන් ඉවර කරන්න වුනා :/ මට තව දවස් 2කින් EXAM ඒකයි ප්‍රශ්නෙ :(
එහෙනම් යාලුවනේ මන් ගියා . ඔයාලට මෙම මෘදුකාංග ගැන ප්‍රශ්න එහෙම තියනව නම් පහත සටහන් කරන්න මන් හැකි ඉක්මනින් පිළිතුරු සපයන්නම් :) 

ඉතුරු ටික කියවන්න
අන්තර්ජාලය භාවිතා කරන අපි කාටත් පැනනගින ප්‍රශ්ණයක් තමයි නොයෙකුත් වෙබ් අඩවි වලට පිවිසිය නොහැකි වීම . එයට හේතු 2ක් ඇත . පළමු හේතුව වන්නේ isp විසින් නොසුදුසු වෙබ් අඩවි බ්ලොක් කිරීම . දෙවන හේතුව වන්නේ නොයෙකුත් වෙබ් අඩවි රටවල් කීපයකට පමණක් සිමා වීම. එහෙත් එවැනි වෙබ් අඩවි වලට පිවිසිය හැකි ක්‍රම කීපයක් තිබේ . අද මම කියන්න යන්නේ එයින් ලෙහෙසිම පහසුම ක්‍රමයයි :)



අපි දැන් බලමු මේක කොහමද කරන්නෙ කියල . මුලින්ම http://www.ninjacloak.com/ මෙම අඩවියට පිවිසෙන්න .

ඉහත රුපයේ ඊතලයෙන් දැක්වෙන ස්ථානයේ ඔබට පිවිසීමට අවශ්‍ය වෙබ් අඩවිය සටහන් කරන්න . 
දැන් Go බට්ටන් එක කික් කරන්න . දැන් ඔබට අවශ්‍ය වෙබ් අඩවිය පෙනෙනු ඇත. වැඩේ ගොඩනෙ :) 
මෙන්න ඒවගේ තවත් Proxy අඩවි කීපයක් .
http://ninjacloak.org/
http://www.theninjacloak.com/
http://www.ninjacloak.me/
http://www.theninjacloak.com/

එහෙනම් මන් ගියා :) වැඩේ හොදයි නම් පහත තියන comment box එකේ මොකක් හරි ලියන්න .
යාලුවනේ ඔයාලට පුළුවන් නම් විතරක් site එකේ Join this site බටන් එක කික් කරල අපිට එකතු වෙන්න . :)
ඉතුරු ටික කියවන්න
අද මම කියන්න යන්නේ හැමදාම කියනව වගේ අපි කාටත් වැදගත් දෙයක් :D අපි බලමු වැඩේ කොහමද කරන්නෙ කියල . මේක දන්න අයත් ගොඩක් ඇති :)

මුලින්ම මේ software එක බාගන්න > http://www.piriform.com/recuva/download/standard

දැන් software එක පරිගණකයට ඉන්ස්ට්‍රෝල් කරන්න .


පළමු වතාවට software එක ඔපෙන් කරද්දී මෙහෙම එකක් එයි . ඒකෙ do not show this wizard on startup. කියන එකට හරි ලකුණ දාල cancel කරන්න. නැත්නම් මල වදේ කොයිවෙලාවෙත් එනව :D


දැන් ඉහත රුපයේ පරිදි ඔබට කැමති drive එක select කරල scan කරන්න . scan වෙලා ඉවර වුනාම ඔයාට ඕන files ටික select කරල Recovery කික් කරන්න :) වැඩේ ඉවරයි. ප්‍රශ්න තියනව නම් අහන්න :)
යාලුවනේ ඔයාලට පුළුවන් නම් විතරක් site එකේ Join this site බටන් එක කික් කරල මට සහයෝගය දක්වන්න :) 
ඉතුරු ටික කියවන්න

ඩොස් භාවිතය (MS-DOS) 1

2012.12.12 ත් වුනා :) මට හිතුන 2012.12.21 වෙන්න කලින් යාලුවොන්ට වැදගත් දෙයක් දෙන්න ඕනේ කියල :) කල්පනා කරල කල්පනා කරල අන්තිමට මට හිතුන (MS-DOS) වගේ දෙයක් බාවිතා කරන ආකාරය කෙටියෙන් කියල දුන්නොත් ගොඩක් වටියි කියල :) එහෙනම් අපි වැඩි කතා නැතුව වැඩේට බහිමු

මොකක් ද මේ DOS කියන්නේ. ඒකෙ තේරුම තමයි (Disk Operating System) මෙය ලෝකයේ පළමු පරිගණක මෙහෙයුම් පද්දති අතරට වැටෙන එකක්. මෙය අද වන විටත් ගොඩක් ප්‍රයෝජනවත් මෙහෙයුම් පද්දතියක් . මෙය වින්ඩොව්ස් මතදී command prompt යනුවෙන් ද හදුන්වයි .

මෙය මුල්කාලයේ ආවේ bootable floppy එකක් ලෙසය. පසුව මෙය සෑම වින්ඩොව්ස් මෙහෙයුම් පද්දතියක් සමගම මෘදුකාංගයක් ලෙස ස්ථාපනය විය . ඔබත් දැන් භාවිත කරන්නේ වින්ඩොව්ස් මෙහෙයුම් පද්දතියක් නම් එය අනිවාර්යෙන්ම ඔබගේ පරිගණකයේ ස්ථාපනය වී ඇත .

ඉහත රුපයේ දැක්වෙන්නේ එම මෙහෙයුම් පද්දතියයි . 

අපි දැන් බලමු මෙය භාවිත කරන්නේ කොහොමද කියල . මුලින්ම පහත රුපයේ පරිදි  "search programs and files" මත CMD යනුවෙන් type කර Enter key එක press කරන්න. මෙහෙයුම් පද්දතිය වින්ඩොව්ස් xp නම් start > run මත CMD යනුවෙන් type කර Enter key එක press කරන්න.

දැන් අපි බලමු dos මගින් hard-drive එකේ ඇති වෙනත් partition එකක් වෙත යන ආකාරය 
උදාහරණයක් :- ඔබ දැනටමත් සිටින්නේ C: drive එක තුලය D: drive එක වෙත යෑම සදහා dos මත D: යනුවෙන් type කර enter කරන්න .
දැන් ඔබට ඉහත පරිදි දිස්වනු ඇත . එහි ඇති folder බැලීම සදහා DIR යනුවෙන් type කර enter කරන්න. files බැලීම සදහා ATTRIB යනුවෙන් type කර enter කරන්න. 

යාලුවනේ දැන් නම් මගේ වෙලාව ඉවර වේගෙන යන්නේ :( . ලගදීම අලුත් පාඩමකින් අමුවෙමු :) .
dos වලින් ඉවත් වීම සදහා EXIT යනුවෙන් type කර enter කරන්න. 
යාලුවනේ ඔයාලට පුළුවන් නම් විතරක් site එකේ Join this site බටන් එක කික් කරල මට සහයෝගය දක්වන්න :) 
ප්‍රශ්න තියනව නම් comment එකක් දාල යන්න. වැරදි තියනවා නම් කියන්න මාත් තාම ඉගෙනගන්නව. එහෙනම් මම ගියා :)

ඉතුරු ටික කියවන්න
නත්තලත් දැන් අතලගටම ඇවිත් :) මට නම් නත්තල් නැහැ :( ඒත් මන් හිතුව යාලුවොන්ට තෑග්ගක් දෙන්න ඕනේ කියල :) 
අපි අද බලමු මෙන්න මේ වගේ කොහමද බ්ලොග් අඩවියේ උඩ ඉදල පහලට හිම වැටෙන්න හදන්නේ කියල :) ගොඩක් ලෙහෙසි වැඩක් පොඩි දෙයයි කරන්න තියෙන්නෙ .

මුලින්ම ඔබගේ බ්ලොග් අඩවියේ layout වෙත යන්න . දැන් කැමති තැනක ඇති Add a Gadget කික් කරන්න . ඊලගට එය පහලට ගෙන HTML/JavaScript කික් කරන්න :) දැන් පහත දැක්වෙන code එක copy කර Content සදහා ඇතුලත් කරන්න .

<script src='http://datecalendarwhatmakesblog.googlecode.com/files/faliingsnoweffect.js' type='text/javascript'/>

දැන් save කරන්න. දැන් හරි :) දැන් ඔබගේ බ්ලොග් එක බලන්න. ලස්සනයි නේද ? එහෙනම් මන් ගියා . වැඩේ හොදයි නම් comment එකක් දාල යන්න :) පුළුවන් නම් විතරක් Join this site කික් කරල මට සහයෝගය දක්වන්න :)
ඉතුරු ටික කියවන්න
නොයෙක් අවස්ථාවල පෙන් drive එක ෆොර්මැට් කරන්න බැරුව යනවා නේද ? එතකොට අපි හිතන්නේ පෙන් drive එකට වැඩේ හරි දැන් පෙන් drive එකෙන් වැඩක් නැහැ කියල :) ඒත් එහෙම වෙන පෙන් වලින් 75% ක් ආයෙත් ගොඩ ගන්න පුළුවන් :) මේක ගොඩක් ලෙහෙසි වැඩක්. පොඩි දෙයයි කරන්න තියෙන්නෙ පොඩි software කෑල්ලක් තියනව. ඒකෙන් පෙන් එක ෆොර්මැට් කරන්න තියෙන්නෙ :) මේ විදියට මම දැනට  පෙන් drive 4ක් විතර ගොඩ දාල තියනව :)

මෙන්න ලින්ක් එක http://www.mediafire.com/download.php?mgoagung40pue03
password =  thaweesha

හරි දැන් software එක ඔපෙන් කරන්න . ඉහට රුපයේ පරිදි device සදහා අකර්මය වූ පෙන් drive එක ලබා දෙන්න . quick format නම් දාන්න එපා . හරි දැන් start දෙන්න . පෙන් එක ෆොර්මැට් වුනා නම් වැඩේ ගොඩ නැත්නම් දුක තමයි :) එහෙනම් අදට මම නතර වුනා අව්ලක් තියනවනම් comment එකක් දාල යන්න 
ඉතුරු ටික කියවන්න
ගොඩක් අයට තියන ප්‍රශ්ණයක් තමයි Facebook profile එක සදහට ම delete කරන්නේ කොහමද කියනඑක. settings වල තියෙන්නෙත් Deactivate කරන්න විතරයි නෙ :( ඒත් සදහටම  delete කරන්න පුළුවන් විදියක් තියනව :) මම අද කියන්න යන්නේ ඒක ගැනයි .

මෙන්න ලින්ක් එක http://www.facebook.com/help/contact.php?show_form=delete_account හැබෙයි ඉතින් මේකට යන්න ඕනේ profile එක delete කරනවා නම් විතරයි :D 
delete my account කික් කරල delete කරන්න පුළුවන්. හැබෙයි කික් කරපු ගමන් delete වෙන්නේ නැහැ :D දවස් 14 කට තාවකාලිකව account එක නතර වෙනව ඒකියන්නේ දවස් 14 කට Deactivate වෙනව. මෙම දවස් 14 කාලය ඇතුලත ඕනනම් ආයෙත් account එක ගන්න පුළුවන් . දවස් 14 න් පස්සේ නම් මුකුත් කරන්න බැ සදහටම delete වෙනව :) වැඩ ඉවරයි මන් ගියා . ප්‍රශ්න තියනම් අහන්න .. :)
ඉතුරු ටික කියවන්න

Torrent direct බාමු

Torrent කියන්නේ කව්රුත් අදුරන දෙයක් නේ :) හැබැයි අවල තියෙන්නේ upload වෙන එක. එකට විසදුමක් තමයි මම අද කියන්න යන්නේ. මේක ගොඩක් ලෙහෙසි වැඩක් පොඩි දෙයයි කරන්න තියෙන්නේ . ඔයා බාන Torrent file එකේ. කාන්දම් ලින්ක් එක හෝ .torrent file එකේ ලින්ක් එක මම කියන site එකට දාන එකයි :) වැඩි කතා නැතුව වැඩේට බහිමු http://www.zbigz.com/ මෙන්න ලින්ක් එක :)



ඔන්න screen ෂොට් එකකුත් දැම්ම . එහෙනම් අදට මන් ගියා ප්‍රශ්න තියනම් අහන්න :)


ඉතුරු ටික කියවන්න

අන්තර්ජාලයේ සටහන් පොත.

අපිට මතක තියා ගන්න අපහසු දේවල් අපි සටහන් පොතක සටහන් කරගන්නවා නේද ? නැත්නම් computer එකේ TEXT file එකක් හදල ඒකට දානවා :D එහෙමත් නැත්නම් ෆෝන් එකේ සටහන් කරගන්නව. :)
හදිසියේ වත් මේ එකක් හරි විනාශ වුනොත් :( වහ කන්න තමයි වෙන්නෙ :D 


එකට විසදුමක් තමයි evernote . මෙය අපගේ පෞද්ගලික සටහන් පොත ලෙස භාවිතා කරන්න පුළුවන්. 100% ක් ආරක්ෂිතයි. ඒවගේම පහසුයි :) අපිට ඕන තරම් සටහන් මෙහි ගබඩා කරන්න පුළුවන්. අපි සටහන් කරන හැම දෙයක්ම evernote account එකට ආරක්ෂිතව ගබඩා වෙනව. ඒක නිසා අපිට ඕනෑම තැනකදී ඕනෑම වෙලාවක අපේ සටහන් ලබාගන්න පුළුවන්. මෙය ඔබගේ android device එකත් සමග භාවිත කරන්නත් පුළුවන්. ඕනෑම සටහනක් ඉක්මනින් සොයා ගන්නත් පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු :) මෙන්න ලින්ක් එක http://evernote.com/ අලුතෙන් account එකක් create කරලම වැඩේට බහින්න. 




එහෙනම් අපි ගියා ප්‍රශ්න තියනවා නම් comment එකක් දාල යන්න :)

ඉතුරු ටික කියවන්න

නොමිලේ දෙන Download Manager (Open Source)

මම අද කියන්න යන්නේ Open Source මෘදුකාංගයක් ගැනයි . ඒකෙ නම තමයි Download Manager හැබෙයි මේක කව්රුත් දන්න IDM එක නෙවෙයි මේක 100% ක් නොමිලේ . මෙම බ්ලොග් අඩවියෙහි ඇති මෘදුකාංග සියල්ල Open Source .
හරි මම මුලින්ම පොඩි හදින්වීමක් කරන්නම්. මෙම මෘදුකාංගයෙන් torrent download , Video download ඕනෑම දෙයක් පහසුවෙන් බාගත හැක . එහෙත් මෙය IDM තරම් පහසු නැත . කාලයත් සමග ඔබට මෙම මෘදුකාංගය මුළුමනින්ම වටහා ගත හැක :)  මෙන්න ලින්ක් එක

http://freedownloadmanager.org/download.htm බාගෙනම බලන්න :) අව්ලක් තියනවා නම් කියන්න .


එහෙනම් අපි ගියා වැඩේ හොදයි කියල හිතෙනවා නම් comment එකක් දාල යන්න :)

ඉතුරු ටික කියවන්න

හොදම Firewall එක මොකක් ද ?

මොකක් ද හොදම Firewall එක ?? කාටත් තියන ප්‍රශ්ණයක් තමයි මේක. ඔන්න මම නම් මේ පරශ්නෙ ට උත්තරේ හොයාගත්ත . හැබෙයි මේක මට හොදයි කියල හිතුනට තවත් කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන් . මේක නොමිලේ ලබා ගන්න පුළුවන් සේවාවක් .
හරි මන් කියන්නම් මේකෙන් අපිට තියන වාසි මොනවා ද කියල.
Firewall එකක් නැත්නම් අපි අන්තර්ජාලය භාවිතා කරදිදි අපට නොදැනීම අපේ දත්ත වෙනත් කෙනෙක්ට ගන්න පුළුවන් . එහෙම අනතුරක් වෙන්නේ අපේ අතින් නොදැනුවත් කමින් පරිගණකයට ඇතුල් වන විනාශකාරී වැඩසටහන් මගින්ය. මේ හැම දෙයක්ම වෙන්නේ අපගේ අන්තර්ජාල සම්බන්ද තාවය භාවිතා කරමින් ය. මම අද කියන්න යන්නේ අපේ අන්තර්ජාල සම්බන්ද තාවය වෙනත් software එකක් මගින් බාවිතයට ගන්න සැරසෙන විට එසැනින් අපිට කියන Firewall එකක් ගැනයි .


මෙම ලින්ක් එකෙන් බාගන්න http://www.zonealarm.com/security/en-us/zonealarm-pc-security-free-firewall.htm නොමිලේ දෙන එක විතරක් ගන්න (Free Firewall)
Firewall එක ඔබේ පරිගණකයට ස්ථාපනය කරගන්න. දැන් ඔබ පරිගණකය බාවිතා කරදිදි පහත දැක්වෙන පරිදි හදිසි පණිවිඩයක් දිස්වුවහොත්. එම පණිවුඩය හොදින් කියවා බලන්න එහි සදහන් වන software එක ඔබ හදුනාගත් එකක් ද කියා . ඔබ හදුනාගත් එකක් නම් එය Allow කරන්න . නැතිනම් Deny කරන්න .


දැන් ඔබ hackers ලා ගෙන් 99.9% ක් ආරක්ෂිතයි. වැඩේ හොදයි නේ :) එහෙනම් මන් ගියා . ප්‍රශ්න තියනවා නම් comment එකක් දාල යන්න . ජය වේවා (y)
ඉතුරු ටික කියවන්න
අපි කාටත් වැදගත් දෙයක් තමයි අපේ පරිගණක යේ හෝ දුරකතනයේ ඇති data හදිසියේ වත් මේවා නැති වුනොත් :( HardDisk එක කියන්නේ සත පහකට වත් විශ්වාස කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් මේකට හොදම පිලියමක් තමයි Dropbox .හරිම ලේසියි ඒවගේම විශ්වාසයි. අපි බලමු කොහමද මේක බාවිතා කරන්නේ කියල.


මුලින්ම මේ ලින්ක් එකෙන් ගිහින් Dropbox අලුත් account එකක් create කරන්න. දැන් ඔයාට 2gb ඉඩක් ලැබිල ඇති දත්ත ගබඩා කිරීමට. එයාල software කෑල්ලකුත් දෙනව එකත් බා ගන්න. ඒ software එකට ඔයාගේ Dropbox account එක ලොග් කරන්න. දැන් ටාස්ක් බාර් එකේ වැටිලා ඇති අයිකන් එක ඒක ඔපෙන් කරල ඔයාට ඕන තරම් file දාන්න හැබෙයි 2gb වලට අඩුවෙන් . දැන් ඒ file ඔක්කම Dropbox එකට නිකන්ම upload වෙනව. :) වැඩේ ඉවරයි . ලෝකේ විනාස වුනත් Dropbox එක නම් නැති වෙන්න නැ :D

පොඩි වැඩක් කියන්න අමතක වුන Dropbox android app එකක් තියනව ඒක ෆොන් එකට දාල තිබුනම ෆොන් එකේ ෆොටෝ ටිකත් Dropbox එකට upload වෙනව. කිසිම සැකයක් තියා ගන්න එපා මේ වැඩේ ගැන 100% ක් විශ්වාසයි. කාටවත් hack කරන්නත් බැ කිසි කෙනෙක් ට ගන්නත් බැ .
එහෙනම් අදට ඇති මන් ගියා සුබ දවසක් . වැඩේ හොදයි නම් comment එකක් දාල යන්න .
ඉතුරු ටික කියවන්න
කාටත් තියන ප්‍රශ්නයක් තමයි වෙබ් page වල තියන ඇඩ්ස්. මේක කෙනෙක් ට ලොකු කරදරයක් වෙන්න පුළුවන් එත් වෙබ් අඩවියේ හිමිකරුට ගොඩක් වටිනා දෙයක්. ඒ වුනාට අපිට නම් කරදරයක්. වැඩක් කරගන්න වෙබ් site එකකට ගියාම අපේ වැඩේ කරගන්න බැරි වෙන තරමට ඇඩ්ස් වැටෙන එක. හරි එහෙනම් වැඩේට බහිමු . මන් මේ කියන්න යන දේ කරන්න පුළුවන් Google Chrome බාවිතා කරන අයට විතරයි. අනිත් බ්‍රොව්සෙර් වලටත් පුළුවන් ඒවා පස්සේ කියන්නම් :)

හරි මුලින් ම මේ ලින්ක් එකට ගිහින් https://chrome.google.com/webstore/detail/adblock/gighmmpiobklfepjocnamgkkbiglidom?hl=en-US&utm_source=chrome-ntp-launcher  add to chrome එක කික් කරල Chrome Extension එක ස්ථාපනය කරගන්න. 
වැඩේ අවසානයි :) දැන් ඇඩ්ස් පිරුණු site එකකට ගිහින් බලන්න. :) එහෙනම් අපි ගියා ..
ඉතුරු ටික කියවන්න

පෙන් එක රැම් එකක් කරමු

යාලුවනේ මන් අද කියන්න යන්නේ රැම් එක 512 , 1gb වගේ රැම් තියන computer වල වේගය යම්කිසි මට්ටමක තියාගෙන වැඩ කරන්න පුළුවන් ක්‍රමයක් ගැනයි . හැබෙයි මේක වැඩ කරන්නේ විස්ටා වලින් උඩ තියන ඒවාට ව්තරයි (වින්ඩොව්ස් විස්ටා , සෙවන්) . හරි එහෙනම් අපි වැඩේට බහිමු .
මුලින්ම පෙන් drive එක NTFS විදියට ෆොර්මැට් කරන්න . දැන් පෙන් drive එක මත right click කර properties වෙත යන්න දැන් Readyboost කියන ටැබ් එකට යන්න .


ඉහත රුපයේ දැක්වෙන පරිදි dedicate this device කියන එකට ටික් එක දාල ok කරන්න . දැන් වැඩේ ඉවරයි . හැබෙයි පුතේ මේක දාල තියෙද්දී පෙන් එක අදින්න යන්න එපා Do Not Use this device එකට ටික් එක දාල ok කරල තමයි පෙන් එක ගලවන්න ඕනෙ :)

සැලකිය යුතුයි :- Readyboost කර කාලයක් වැඩකරගෙන යද්දි පෙන් එකේ read/write වාර ගාන ඉවර වී පෙන් එක විනාශවිය හැක 
ඉතුරු ටික කියවන්න
අපි අද බලමු වින්ඩොව්ස් 7 / 8 මේ දෙකෙන් ඕනෑම එකක් පෙන් එකට Bootable විදියට දාන්නේ කොහමද කියල. හරි අපි වැඩි කතා නැතුව වැඩේට බහිමු .
මේ වැඩේ කරන්න පොඩි software කෑල්ලක් තියනව මුලින්ම ඒක බාගන්න කො. http://images2.store.microsoft.com/prod/clustera/framework/w7udt/1.0/en-us/Windows7-USB-DVD-tool.exe මෙන්න ලින්ක් එක.

මේක ඉන්ස්ට්‍රෝල් කරල ඉවර වුනා ම software කෑල්ල ඔපෙන් කරන්න
දැන් Browse බටන් එක click කරන්න. ඔයා ඉන්ස්ට්‍රෝල් කරන්න යන වින්ඩොව්ස් 7 හෝ 8 එකේ iso image එක තෝරන්න. හරි දැන් Next කරන්න .
USB device කියන එක click කරන්න .
 
දැන් ඉහත දැක්වෙන රුපයේ පරිදි ඔබගේ USB device එක තෝරලා Begin copying කියන එක click කරන්න . වැඩේ ගොඩ :) දැන් copy වෙලා ඉවර වෙනකල් ඉන්න . ඊට පස්සේ කරන දේ කියන්න ඕනේ නැහැ නේ :)
එහෙනම් සුබ දවසක්. වැඩේ හොදයි නම් comment එකක් දාල යන්න .



ඉතුරු ටික කියවන්න


මෙමෙ බ්ලොග් අඩවියෙහි උපුටා ගත් කිසිවක් නොමැත. මෙහි ඇති කිසිවක් අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.