හොදම Firewall එක මොකක් ද ?

මොකක් ද හොදම Firewall එක ?? කාටත් තියන ප්‍රශ්ණයක් තමයි මේක. ඔන්න මම නම් මේ පරශ්නෙ ට උත්තරේ හොයාගත්ත . හැබෙයි මේක මට හොදයි කියල හිතුනට තවත් කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන් . මේක නොමිලේ ලබා ගන්න පුළුවන් සේවාවක් .
හරි මන් කියන්නම් මේකෙන් අපිට තියන වාසි මොනවා ද කියල.
Firewall එකක් නැත්නම් අපි අන්තර්ජාලය භාවිතා කරදිදි අපට නොදැනීම අපේ දත්ත වෙනත් කෙනෙක්ට ගන්න පුළුවන් . එහෙම අනතුරක් වෙන්නේ අපේ අතින් නොදැනුවත් කමින් පරිගණකයට ඇතුල් වන විනාශකාරී වැඩසටහන් මගින්ය. මේ හැම දෙයක්ම වෙන්නේ අපගේ අන්තර්ජාල සම්බන්ද තාවය භාවිතා කරමින් ය. මම අද කියන්න යන්නේ අපේ අන්තර්ජාල සම්බන්ද තාවය වෙනත් software එකක් මගින් බාවිතයට ගන්න සැරසෙන විට එසැනින් අපිට කියන Firewall එකක් ගැනයි .


මෙම ලින්ක් එකෙන් බාගන්න http://www.zonealarm.com/security/en-us/zonealarm-pc-security-free-firewall.htm නොමිලේ දෙන එක විතරක් ගන්න (Free Firewall)
Firewall එක ඔබේ පරිගණකයට ස්ථාපනය කරගන්න. දැන් ඔබ පරිගණකය බාවිතා කරදිදි පහත දැක්වෙන පරිදි හදිසි පණිවිඩයක් දිස්වුවහොත්. එම පණිවුඩය හොදින් කියවා බලන්න එහි සදහන් වන software එක ඔබ හදුනාගත් එකක් ද කියා . ඔබ හදුනාගත් එකක් නම් එය Allow කරන්න . නැතිනම් Deny කරන්න .


දැන් ඔබ hackers ලා ගෙන් 99.9% ක් ආරක්ෂිතයි. වැඩේ හොදයි නේ :) එහෙනම් මන් ගියා . ප්‍රශ්න තියනවා නම් comment එකක් දාල යන්න . ජය වේවා (y)
ඉතුරු ටික කියවන්න
අපි කාටත් වැදගත් දෙයක් තමයි අපේ පරිගණක යේ හෝ දුරකතනයේ ඇති data හදිසියේ වත් මේවා නැති වුනොත් :( HardDisk එක කියන්නේ සත පහකට වත් විශ්වාස කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් මේකට හොදම පිලියමක් තමයි Dropbox .හරිම ලේසියි ඒවගේම විශ්වාසයි. අපි බලමු කොහමද මේක බාවිතා කරන්නේ කියල.


මුලින්ම මේ ලින්ක් එකෙන් ගිහින් Dropbox අලුත් account එකක් create කරන්න. දැන් ඔයාට 2gb ඉඩක් ලැබිල ඇති දත්ත ගබඩා කිරීමට. එයාල software කෑල්ලකුත් දෙනව එකත් බා ගන්න. ඒ software එකට ඔයාගේ Dropbox account එක ලොග් කරන්න. දැන් ටාස්ක් බාර් එකේ වැටිලා ඇති අයිකන් එක ඒක ඔපෙන් කරල ඔයාට ඕන තරම් file දාන්න හැබෙයි 2gb වලට අඩුවෙන් . දැන් ඒ file ඔක්කම Dropbox එකට නිකන්ම upload වෙනව. :) වැඩේ ඉවරයි . ලෝකේ විනාස වුනත් Dropbox එක නම් නැති වෙන්න නැ :D

පොඩි වැඩක් කියන්න අමතක වුන Dropbox android app එකක් තියනව ඒක ෆොන් එකට දාල තිබුනම ෆොන් එකේ ෆොටෝ ටිකත් Dropbox එකට upload වෙනව. කිසිම සැකයක් තියා ගන්න එපා මේ වැඩේ ගැන 100% ක් විශ්වාසයි. කාටවත් hack කරන්නත් බැ කිසි කෙනෙක් ට ගන්නත් බැ .
එහෙනම් අදට ඇති මන් ගියා සුබ දවසක් . වැඩේ හොදයි නම් comment එකක් දාල යන්න .
ඉතුරු ටික කියවන්න


මෙමෙ බ්ලොග් අඩවියෙහි උපුටා ගත් කිසිවක් නොමැත. මෙහි ඇති කිසිවක් අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.