ඩොස් භාවිතය (MS-DOS) 1

2012.12.12 ත් වුනා :) මට හිතුන 2012.12.21 වෙන්න කලින් යාලුවොන්ට වැදගත් දෙයක් දෙන්න ඕනේ කියල :) කල්පනා කරල කල්පනා කරල අන්තිමට මට හිතුන (MS-DOS) වගේ දෙයක් බාවිතා කරන ආකාරය කෙටියෙන් කියල දුන්නොත් ගොඩක් වටියි කියල :) එහෙනම් අපි වැඩි කතා නැතුව වැඩේට බහිමු

මොකක් ද මේ DOS කියන්නේ. ඒකෙ තේරුම තමයි (Disk Operating System) මෙය ලෝකයේ පළමු පරිගණක මෙහෙයුම් පද්දති අතරට වැටෙන එකක්. මෙය අද වන විටත් ගොඩක් ප්‍රයෝජනවත් මෙහෙයුම් පද්දතියක් . මෙය වින්ඩොව්ස් මතදී command prompt යනුවෙන් ද හදුන්වයි .

මෙය මුල්කාලයේ ආවේ bootable floppy එකක් ලෙසය. පසුව මෙය සෑම වින්ඩොව්ස් මෙහෙයුම් පද්දතියක් සමගම මෘදුකාංගයක් ලෙස ස්ථාපනය විය . ඔබත් දැන් භාවිත කරන්නේ වින්ඩොව්ස් මෙහෙයුම් පද්දතියක් නම් එය අනිවාර්යෙන්ම ඔබගේ පරිගණකයේ ස්ථාපනය වී ඇත .

ඉහත රුපයේ දැක්වෙන්නේ එම මෙහෙයුම් පද්දතියයි . 

අපි දැන් බලමු මෙය භාවිත කරන්නේ කොහොමද කියල . මුලින්ම පහත රුපයේ පරිදි  "search programs and files" මත CMD යනුවෙන් type කර Enter key එක press කරන්න. මෙහෙයුම් පද්දතිය වින්ඩොව්ස් xp නම් start > run මත CMD යනුවෙන් type කර Enter key එක press කරන්න.

දැන් අපි බලමු dos මගින් hard-drive එකේ ඇති වෙනත් partition එකක් වෙත යන ආකාරය 
උදාහරණයක් :- ඔබ දැනටමත් සිටින්නේ C: drive එක තුලය D: drive එක වෙත යෑම සදහා dos මත D: යනුවෙන් type කර enter කරන්න .
දැන් ඔබට ඉහත පරිදි දිස්වනු ඇත . එහි ඇති folder බැලීම සදහා DIR යනුවෙන් type කර enter කරන්න. files බැලීම සදහා ATTRIB යනුවෙන් type කර enter කරන්න. 

යාලුවනේ දැන් නම් මගේ වෙලාව ඉවර වේගෙන යන්නේ :( . ලගදීම අලුත් පාඩමකින් අමුවෙමු :) .
dos වලින් ඉවත් වීම සදහා EXIT යනුවෙන් type කර enter කරන්න. 
යාලුවනේ ඔයාලට පුළුවන් නම් විතරක් site එකේ Join this site බටන් එක කික් කරල මට සහයෝගය දක්වන්න :) 
ප්‍රශ්න තියනව නම් comment එකක් දාල යන්න. වැරදි තියනවා නම් කියන්න මාත් තාම ඉගෙනගන්නව. එහෙනම් මම ගියා :)

ඉතුරු ටික කියවන්න


මෙමෙ බ්ලොග් අඩවියෙහි උපුටා ගත් කිසිවක් නොමැත. මෙහි ඇති කිසිවක් අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.