අපි අද බලමු නොමිලේ ලබාගත හැකි මෘදුකාංග කිහිපයක් ගැන. මේවා වින්ඩොව්ස් මෙහෙයුම් පද්දතිය සදහා සකසා ඇති ඒවාය. මේවට Activation Code / Serial Number / Crack / Keygen කිසිවක් නොමැත :)
  1. Mozilla Thunderbird ( ඊ-mail සදහා )
  2. Open Office ( Microsoft Office වෙනුවට භාවිතා කල හැක )
  3. Gaim ( චැට් කිරීමට )
  4. ClamWin ( ඇන්ටි වයිරස් මෘදුකාංගයක් )
  5. VLC Media Player (සියලුම Audio/video සදහා )
  6. KeePass ( මුරපද රැක ගැනීම සදහා )
  7. Eraser ( දත්ත ආරක්ෂිතව මැකීම සදහා )
  8. Filezilla ( FTP සදහා )
  9. Nmap ( පොර්ට් ස්කෑන් කිරීමට )
  10. Mozilla Firefox ( අන්තර්ජාලයේ සැරිසැරීමට )
  11. HTTrack ( වෙබ් අඩවි copy කිරීමට )
http://sourceforge.net/ මෙම වෙබ් අඩවියෙන් සියලුම ඔපෙන් සෝස් මෘදුකාංග ලබා ගත හැක .
.
.
.
.
අද පොස්ට් එක කෙටියෙන් ඉවර කරන්න වුනා :/ මට තව දවස් 2කින් EXAM ඒකයි ප්‍රශ්නෙ :(
එහෙනම් යාලුවනේ මන් ගියා . ඔයාලට මෙම මෘදුකාංග ගැන ප්‍රශ්න එහෙම තියනව නම් පහත සටහන් කරන්න මන් හැකි ඉක්මනින් පිළිතුරු සපයන්නම් :) 

ඉතුරු ටික කියවන්න
අන්තර්ජාලය භාවිතා කරන අපි කාටත් පැනනගින ප්‍රශ්ණයක් තමයි නොයෙකුත් වෙබ් අඩවි වලට පිවිසිය නොහැකි වීම . එයට හේතු 2ක් ඇත . පළමු හේතුව වන්නේ isp විසින් නොසුදුසු වෙබ් අඩවි බ්ලොක් කිරීම . දෙවන හේතුව වන්නේ නොයෙකුත් වෙබ් අඩවි රටවල් කීපයකට පමණක් සිමා වීම. එහෙත් එවැනි වෙබ් අඩවි වලට පිවිසිය හැකි ක්‍රම කීපයක් තිබේ . අද මම කියන්න යන්නේ එයින් ලෙහෙසිම පහසුම ක්‍රමයයි :)



අපි දැන් බලමු මේක කොහමද කරන්නෙ කියල . මුලින්ම http://www.ninjacloak.com/ මෙම අඩවියට පිවිසෙන්න .

ඉහත රුපයේ ඊතලයෙන් දැක්වෙන ස්ථානයේ ඔබට පිවිසීමට අවශ්‍ය වෙබ් අඩවිය සටහන් කරන්න . 
දැන් Go බට්ටන් එක කික් කරන්න . දැන් ඔබට අවශ්‍ය වෙබ් අඩවිය පෙනෙනු ඇත. වැඩේ ගොඩනෙ :) 
මෙන්න ඒවගේ තවත් Proxy අඩවි කීපයක් .
http://ninjacloak.org/
http://www.theninjacloak.com/
http://www.ninjacloak.me/
http://www.theninjacloak.com/

එහෙනම් මන් ගියා :) වැඩේ හොදයි නම් පහත තියන comment box එකේ මොකක් හරි ලියන්න .
යාලුවනේ ඔයාලට පුළුවන් නම් විතරක් site එකේ Join this site බටන් එක කික් කරල අපිට එකතු වෙන්න . :)
ඉතුරු ටික කියවන්න
අද මම කියන්න යන්නේ හැමදාම කියනව වගේ අපි කාටත් වැදගත් දෙයක් :D අපි බලමු වැඩේ කොහමද කරන්නෙ කියල . මේක දන්න අයත් ගොඩක් ඇති :)

මුලින්ම මේ software එක බාගන්න > http://www.piriform.com/recuva/download/standard

දැන් software එක පරිගණකයට ඉන්ස්ට්‍රෝල් කරන්න .


පළමු වතාවට software එක ඔපෙන් කරද්දී මෙහෙම එකක් එයි . ඒකෙ do not show this wizard on startup. කියන එකට හරි ලකුණ දාල cancel කරන්න. නැත්නම් මල වදේ කොයිවෙලාවෙත් එනව :D


දැන් ඉහත රුපයේ පරිදි ඔබට කැමති drive එක select කරල scan කරන්න . scan වෙලා ඉවර වුනාම ඔයාට ඕන files ටික select කරල Recovery කික් කරන්න :) වැඩේ ඉවරයි. ප්‍රශ්න තියනව නම් අහන්න :)
යාලුවනේ ඔයාලට පුළුවන් නම් විතරක් site එකේ Join this site බටන් එක කික් කරල මට සහයෝගය දක්වන්න :) 
ඉතුරු ටික කියවන්න

ඩොස් භාවිතය (MS-DOS) 1

2012.12.12 ත් වුනා :) මට හිතුන 2012.12.21 වෙන්න කලින් යාලුවොන්ට වැදගත් දෙයක් දෙන්න ඕනේ කියල :) කල්පනා කරල කල්පනා කරල අන්තිමට මට හිතුන (MS-DOS) වගේ දෙයක් බාවිතා කරන ආකාරය කෙටියෙන් කියල දුන්නොත් ගොඩක් වටියි කියල :) එහෙනම් අපි වැඩි කතා නැතුව වැඩේට බහිමු

මොකක් ද මේ DOS කියන්නේ. ඒකෙ තේරුම තමයි (Disk Operating System) මෙය ලෝකයේ පළමු පරිගණක මෙහෙයුම් පද්දති අතරට වැටෙන එකක්. මෙය අද වන විටත් ගොඩක් ප්‍රයෝජනවත් මෙහෙයුම් පද්දතියක් . මෙය වින්ඩොව්ස් මතදී command prompt යනුවෙන් ද හදුන්වයි .

මෙය මුල්කාලයේ ආවේ bootable floppy එකක් ලෙසය. පසුව මෙය සෑම වින්ඩොව්ස් මෙහෙයුම් පද්දතියක් සමගම මෘදුකාංගයක් ලෙස ස්ථාපනය විය . ඔබත් දැන් භාවිත කරන්නේ වින්ඩොව්ස් මෙහෙයුම් පද්දතියක් නම් එය අනිවාර්යෙන්ම ඔබගේ පරිගණකයේ ස්ථාපනය වී ඇත .

ඉහත රුපයේ දැක්වෙන්නේ එම මෙහෙයුම් පද්දතියයි . 

අපි දැන් බලමු මෙය භාවිත කරන්නේ කොහොමද කියල . මුලින්ම පහත රුපයේ පරිදි  "search programs and files" මත CMD යනුවෙන් type කර Enter key එක press කරන්න. මෙහෙයුම් පද්දතිය වින්ඩොව්ස් xp නම් start > run මත CMD යනුවෙන් type කර Enter key එක press කරන්න.

දැන් අපි බලමු dos මගින් hard-drive එකේ ඇති වෙනත් partition එකක් වෙත යන ආකාරය 
උදාහරණයක් :- ඔබ දැනටමත් සිටින්නේ C: drive එක තුලය D: drive එක වෙත යෑම සදහා dos මත D: යනුවෙන් type කර enter කරන්න .
දැන් ඔබට ඉහත පරිදි දිස්වනු ඇත . එහි ඇති folder බැලීම සදහා DIR යනුවෙන් type කර enter කරන්න. files බැලීම සදහා ATTRIB යනුවෙන් type කර enter කරන්න. 

යාලුවනේ දැන් නම් මගේ වෙලාව ඉවර වේගෙන යන්නේ :( . ලගදීම අලුත් පාඩමකින් අමුවෙමු :) .
dos වලින් ඉවත් වීම සදහා EXIT යනුවෙන් type කර enter කරන්න. 
යාලුවනේ ඔයාලට පුළුවන් නම් විතරක් site එකේ Join this site බටන් එක කික් කරල මට සහයෝගය දක්වන්න :) 
ප්‍රශ්න තියනව නම් comment එකක් දාල යන්න. වැරදි තියනවා නම් කියන්න මාත් තාම ඉගෙනගන්නව. එහෙනම් මම ගියා :)

ඉතුරු ටික කියවන්න
නත්තලත් දැන් අතලගටම ඇවිත් :) මට නම් නත්තල් නැහැ :( ඒත් මන් හිතුව යාලුවොන්ට තෑග්ගක් දෙන්න ඕනේ කියල :) 
අපි අද බලමු මෙන්න මේ වගේ කොහමද බ්ලොග් අඩවියේ උඩ ඉදල පහලට හිම වැටෙන්න හදන්නේ කියල :) ගොඩක් ලෙහෙසි වැඩක් පොඩි දෙයයි කරන්න තියෙන්නෙ .

මුලින්ම ඔබගේ බ්ලොග් අඩවියේ layout වෙත යන්න . දැන් කැමති තැනක ඇති Add a Gadget කික් කරන්න . ඊලගට එය පහලට ගෙන HTML/JavaScript කික් කරන්න :) දැන් පහත දැක්වෙන code එක copy කර Content සදහා ඇතුලත් කරන්න .

<script src='http://datecalendarwhatmakesblog.googlecode.com/files/faliingsnoweffect.js' type='text/javascript'/>

දැන් save කරන්න. දැන් හරි :) දැන් ඔබගේ බ්ලොග් එක බලන්න. ලස්සනයි නේද ? එහෙනම් මන් ගියා . වැඩේ හොදයි නම් comment එකක් දාල යන්න :) පුළුවන් නම් විතරක් Join this site කික් කරල මට සහයෝගය දක්වන්න :)
ඉතුරු ටික කියවන්න
නොයෙක් අවස්ථාවල පෙන් drive එක ෆොර්මැට් කරන්න බැරුව යනවා නේද ? එතකොට අපි හිතන්නේ පෙන් drive එකට වැඩේ හරි දැන් පෙන් drive එකෙන් වැඩක් නැහැ කියල :) ඒත් එහෙම වෙන පෙන් වලින් 75% ක් ආයෙත් ගොඩ ගන්න පුළුවන් :) මේක ගොඩක් ලෙහෙසි වැඩක්. පොඩි දෙයයි කරන්න තියෙන්නෙ පොඩි software කෑල්ලක් තියනව. ඒකෙන් පෙන් එක ෆොර්මැට් කරන්න තියෙන්නෙ :) මේ විදියට මම දැනට  පෙන් drive 4ක් විතර ගොඩ දාල තියනව :)

මෙන්න ලින්ක් එක http://www.mediafire.com/download.php?mgoagung40pue03
password =  thaweesha

හරි දැන් software එක ඔපෙන් කරන්න . ඉහට රුපයේ පරිදි device සදහා අකර්මය වූ පෙන් drive එක ලබා දෙන්න . quick format නම් දාන්න එපා . හරි දැන් start දෙන්න . පෙන් එක ෆොර්මැට් වුනා නම් වැඩේ ගොඩ නැත්නම් දුක තමයි :) එහෙනම් අදට මම නතර වුනා අව්ලක් තියනවනම් comment එකක් දාල යන්න 
ඉතුරු ටික කියවන්න
ගොඩක් අයට තියන ප්‍රශ්ණයක් තමයි Facebook profile එක සදහට ම delete කරන්නේ කොහමද කියනඑක. settings වල තියෙන්නෙත් Deactivate කරන්න විතරයි නෙ :( ඒත් සදහටම  delete කරන්න පුළුවන් විදියක් තියනව :) මම අද කියන්න යන්නේ ඒක ගැනයි .

මෙන්න ලින්ක් එක http://www.facebook.com/help/contact.php?show_form=delete_account හැබෙයි ඉතින් මේකට යන්න ඕනේ profile එක delete කරනවා නම් විතරයි :D 
delete my account කික් කරල delete කරන්න පුළුවන්. හැබෙයි කික් කරපු ගමන් delete වෙන්නේ නැහැ :D දවස් 14 කට තාවකාලිකව account එක නතර වෙනව ඒකියන්නේ දවස් 14 කට Deactivate වෙනව. මෙම දවස් 14 කාලය ඇතුලත ඕනනම් ආයෙත් account එක ගන්න පුළුවන් . දවස් 14 න් පස්සේ නම් මුකුත් කරන්න බැ සදහටම delete වෙනව :) වැඩ ඉවරයි මන් ගියා . ප්‍රශ්න තියනම් අහන්න .. :)
ඉතුරු ටික කියවන්න

Torrent direct බාමු

Torrent කියන්නේ කව්රුත් අදුරන දෙයක් නේ :) හැබැයි අවල තියෙන්නේ upload වෙන එක. එකට විසදුමක් තමයි මම අද කියන්න යන්නේ. මේක ගොඩක් ලෙහෙසි වැඩක් පොඩි දෙයයි කරන්න තියෙන්නේ . ඔයා බාන Torrent file එකේ. කාන්දම් ලින්ක් එක හෝ .torrent file එකේ ලින්ක් එක මම කියන site එකට දාන එකයි :) වැඩි කතා නැතුව වැඩේට බහිමු http://www.zbigz.com/ මෙන්න ලින්ක් එක :)



ඔන්න screen ෂොට් එකකුත් දැම්ම . එහෙනම් අදට මන් ගියා ප්‍රශ්න තියනම් අහන්න :)


ඉතුරු ටික කියවන්න


මෙමෙ බ්ලොග් අඩවියෙහි උපුටා ගත් කිසිවක් නොමැත. මෙහි ඇති කිසිවක් අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.