කාටත් තියන ප්‍රශ්නයක් තමයි වෙබ් page වල තියන ඇඩ්ස්. මේක කෙනෙක් ට ලොකු කරදරයක් වෙන්න පුළුවන් එත් වෙබ් අඩවියේ හිමිකරුට ගොඩක් වටිනා දෙයක්. ඒ වුනාට අපිට නම් කරදරයක්. වැඩක් කරගන්න වෙබ් site එකකට ගියාම අපේ වැඩේ කරගන්න බැරි වෙන තරමට ඇඩ්ස් වැටෙන එක. හරි එහෙනම් වැඩේට බහිමු . මන් මේ කියන්න යන දේ කරන්න පුළුවන් Google Chrome බාවිතා කරන අයට විතරයි. අනිත් බ්‍රොව්සෙර් වලටත් පුළුවන් ඒවා පස්සේ කියන්නම් :)

හරි මුලින් ම මේ ලින්ක් එකට ගිහින් https://chrome.google.com/webstore/detail/adblock/gighmmpiobklfepjocnamgkkbiglidom?hl=en-US&utm_source=chrome-ntp-launcher  add to chrome එක කික් කරල Chrome Extension එක ස්ථාපනය කරගන්න. 
වැඩේ අවසානයි :) දැන් ඇඩ්ස් පිරුණු site එකකට ගිහින් බලන්න. :) එහෙනම් අපි ගියා ..
ඉතුරු ටික කියවන්න

පෙන් එක රැම් එකක් කරමු

යාලුවනේ මන් අද කියන්න යන්නේ රැම් එක 512 , 1gb වගේ රැම් තියන computer වල වේගය යම්කිසි මට්ටමක තියාගෙන වැඩ කරන්න පුළුවන් ක්‍රමයක් ගැනයි . හැබෙයි මේක වැඩ කරන්නේ විස්ටා වලින් උඩ තියන ඒවාට ව්තරයි (වින්ඩොව්ස් විස්ටා , සෙවන්) . හරි එහෙනම් අපි වැඩේට බහිමු .
මුලින්ම පෙන් drive එක NTFS විදියට ෆොර්මැට් කරන්න . දැන් පෙන් drive එක මත right click කර properties වෙත යන්න දැන් Readyboost කියන ටැබ් එකට යන්න .


ඉහත රුපයේ දැක්වෙන පරිදි dedicate this device කියන එකට ටික් එක දාල ok කරන්න . දැන් වැඩේ ඉවරයි . හැබෙයි පුතේ මේක දාල තියෙද්දී පෙන් එක අදින්න යන්න එපා Do Not Use this device එකට ටික් එක දාල ok කරල තමයි පෙන් එක ගලවන්න ඕනෙ :)

සැලකිය යුතුයි :- Readyboost කර කාලයක් වැඩකරගෙන යද්දි පෙන් එකේ read/write වාර ගාන ඉවර වී පෙන් එක විනාශවිය හැක 
ඉතුරු ටික කියවන්න
අපි අද බලමු වින්ඩොව්ස් 7 / 8 මේ දෙකෙන් ඕනෑම එකක් පෙන් එකට Bootable විදියට දාන්නේ කොහමද කියල. හරි අපි වැඩි කතා නැතුව වැඩේට බහිමු .
මේ වැඩේ කරන්න පොඩි software කෑල්ලක් තියනව මුලින්ම ඒක බාගන්න කො. http://images2.store.microsoft.com/prod/clustera/framework/w7udt/1.0/en-us/Windows7-USB-DVD-tool.exe මෙන්න ලින්ක් එක.

මේක ඉන්ස්ට්‍රෝල් කරල ඉවර වුනා ම software කෑල්ල ඔපෙන් කරන්න
දැන් Browse බටන් එක click කරන්න. ඔයා ඉන්ස්ට්‍රෝල් කරන්න යන වින්ඩොව්ස් 7 හෝ 8 එකේ iso image එක තෝරන්න. හරි දැන් Next කරන්න .
USB device කියන එක click කරන්න .
 
දැන් ඉහත දැක්වෙන රුපයේ පරිදි ඔබගේ USB device එක තෝරලා Begin copying කියන එක click කරන්න . වැඩේ ගොඩ :) දැන් copy වෙලා ඉවර වෙනකල් ඉන්න . ඊට පස්සේ කරන දේ කියන්න ඕනේ නැහැ නේ :)
එහෙනම් සුබ දවසක්. වැඩේ හොදයි නම් comment එකක් දාල යන්න .



ඉතුරු ටික කියවන්න


මෙමෙ බ්ලොග් අඩවියෙහි උපුටා ගත් කිසිවක් නොමැත. මෙහි ඇති කිසිවක් අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.