ඩොස් භාවිතය (MS-DOS) 1

2012.12.12 ත් වුනා :) මට හිතුන 2012.12.21 වෙන්න කලින් යාලුවොන්ට වැදගත් දෙයක් දෙන්න ඕනේ කියල :) කල්පනා කරල කල්පනා කරල අන්තිමට මට හිතුන (MS-DOS) වගේ දෙයක් බාවිතා කරන ආකාරය කෙටියෙන් කියල දුන්නොත් ගොඩක් වටියි කියල :) එහෙනම් අපි වැඩි කතා නැතුව වැඩේට බහිමු

මොකක් ද මේ DOS කියන්නේ. ඒකෙ තේරුම තමයි (Disk Operating System) මෙය ලෝකයේ පළමු පරිගණක මෙහෙයුම් පද්දති අතරට වැටෙන එකක්. මෙය අද වන විටත් ගොඩක් ප්‍රයෝජනවත් මෙහෙයුම් පද්දතියක් . මෙය වින්ඩොව්ස් මතදී command prompt යනුවෙන් ද හදුන්වයි .

මෙය මුල්කාලයේ ආවේ bootable floppy එකක් ලෙසය. පසුව මෙය සෑම වින්ඩොව්ස් මෙහෙයුම් පද්දතියක් සමගම මෘදුකාංගයක් ලෙස ස්ථාපනය විය . ඔබත් දැන් භාවිත කරන්නේ වින්ඩොව්ස් මෙහෙයුම් පද්දතියක් නම් එය අනිවාර්යෙන්ම ඔබගේ පරිගණකයේ ස්ථාපනය වී ඇත .

ඉහත රුපයේ දැක්වෙන්නේ එම මෙහෙයුම් පද්දතියයි . 

අපි දැන් බලමු මෙය භාවිත කරන්නේ කොහොමද කියල . මුලින්ම පහත රුපයේ පරිදි  "search programs and files" මත CMD යනුවෙන් type කර Enter key එක press කරන්න. මෙහෙයුම් පද්දතිය වින්ඩොව්ස් xp නම් start > run මත CMD යනුවෙන් type කර Enter key එක press කරන්න.

දැන් අපි බලමු dos මගින් hard-drive එකේ ඇති වෙනත් partition එකක් වෙත යන ආකාරය 
උදාහරණයක් :- ඔබ දැනටමත් සිටින්නේ C: drive එක තුලය D: drive එක වෙත යෑම සදහා dos මත D: යනුවෙන් type කර enter කරන්න .
දැන් ඔබට ඉහත පරිදි දිස්වනු ඇත . එහි ඇති folder බැලීම සදහා DIR යනුවෙන් type කර enter කරන්න. files බැලීම සදහා ATTRIB යනුවෙන් type කර enter කරන්න. 

යාලුවනේ දැන් නම් මගේ වෙලාව ඉවර වේගෙන යන්නේ :( . ලගදීම අලුත් පාඩමකින් අමුවෙමු :) .
dos වලින් ඉවත් වීම සදහා EXIT යනුවෙන් type කර enter කරන්න. 
යාලුවනේ ඔයාලට පුළුවන් නම් විතරක් site එකේ Join this site බටන් එක කික් කරල මට සහයෝගය දක්වන්න :) 
ප්‍රශ්න තියනව නම් comment එකක් දාල යන්න. වැරදි තියනවා නම් කියන්න මාත් තාම ඉගෙනගන්නව. එහෙනම් මම ගියා :)

ඉතුරු ටික කියවන්න
නත්තලත් දැන් අතලගටම ඇවිත් :) මට නම් නත්තල් නැහැ :( ඒත් මන් හිතුව යාලුවොන්ට තෑග්ගක් දෙන්න ඕනේ කියල :) 
අපි අද බලමු මෙන්න මේ වගේ කොහමද බ්ලොග් අඩවියේ උඩ ඉදල පහලට හිම වැටෙන්න හදන්නේ කියල :) ගොඩක් ලෙහෙසි වැඩක් පොඩි දෙයයි කරන්න තියෙන්නෙ .

මුලින්ම ඔබගේ බ්ලොග් අඩවියේ layout වෙත යන්න . දැන් කැමති තැනක ඇති Add a Gadget කික් කරන්න . ඊලගට එය පහලට ගෙන HTML/JavaScript කික් කරන්න :) දැන් පහත දැක්වෙන code එක copy කර Content සදහා ඇතුලත් කරන්න .

<script src='http://datecalendarwhatmakesblog.googlecode.com/files/faliingsnoweffect.js' type='text/javascript'/>

දැන් save කරන්න. දැන් හරි :) දැන් ඔබගේ බ්ලොග් එක බලන්න. ලස්සනයි නේද ? එහෙනම් මන් ගියා . වැඩේ හොදයි නම් comment එකක් දාල යන්න :) පුළුවන් නම් විතරක් Join this site කික් කරල මට සහයෝගය දක්වන්න :)
ඉතුරු ටික කියවන්න
නොයෙක් අවස්ථාවල පෙන් drive එක ෆොර්මැට් කරන්න බැරුව යනවා නේද ? එතකොට අපි හිතන්නේ පෙන් drive එකට වැඩේ හරි දැන් පෙන් drive එකෙන් වැඩක් නැහැ කියල :) ඒත් එහෙම වෙන පෙන් වලින් 75% ක් ආයෙත් ගොඩ ගන්න පුළුවන් :) මේක ගොඩක් ලෙහෙසි වැඩක්. පොඩි දෙයයි කරන්න තියෙන්නෙ පොඩි software කෑල්ලක් තියනව. ඒකෙන් පෙන් එක ෆොර්මැට් කරන්න තියෙන්නෙ :) මේ විදියට මම දැනට  පෙන් drive 4ක් විතර ගොඩ දාල තියනව :)

මෙන්න ලින්ක් එක http://www.mediafire.com/download.php?mgoagung40pue03
password =  thaweesha

හරි දැන් software එක ඔපෙන් කරන්න . ඉහට රුපයේ පරිදි device සදහා අකර්මය වූ පෙන් drive එක ලබා දෙන්න . quick format නම් දාන්න එපා . හරි දැන් start දෙන්න . පෙන් එක ෆොර්මැට් වුනා නම් වැඩේ ගොඩ නැත්නම් දුක තමයි :) එහෙනම් අදට මම නතර වුනා අව්ලක් තියනවනම් comment එකක් දාල යන්න 
ඉතුරු ටික කියවන්න
ගොඩක් අයට තියන ප්‍රශ්ණයක් තමයි Facebook profile එක සදහට ම delete කරන්නේ කොහමද කියනඑක. settings වල තියෙන්නෙත් Deactivate කරන්න විතරයි නෙ :( ඒත් සදහටම  delete කරන්න පුළුවන් විදියක් තියනව :) මම අද කියන්න යන්නේ ඒක ගැනයි .

මෙන්න ලින්ක් එක http://www.facebook.com/help/contact.php?show_form=delete_account හැබෙයි ඉතින් මේකට යන්න ඕනේ profile එක delete කරනවා නම් විතරයි :D 
delete my account කික් කරල delete කරන්න පුළුවන්. හැබෙයි කික් කරපු ගමන් delete වෙන්නේ නැහැ :D දවස් 14 කට තාවකාලිකව account එක නතර වෙනව ඒකියන්නේ දවස් 14 කට Deactivate වෙනව. මෙම දවස් 14 කාලය ඇතුලත ඕනනම් ආයෙත් account එක ගන්න පුළුවන් . දවස් 14 න් පස්සේ නම් මුකුත් කරන්න බැ සදහටම delete වෙනව :) වැඩ ඉවරයි මන් ගියා . ප්‍රශ්න තියනම් අහන්න .. :)
ඉතුරු ටික කියවන්න

Torrent direct බාමු

Torrent කියන්නේ කව්රුත් අදුරන දෙයක් නේ :) හැබැයි අවල තියෙන්නේ upload වෙන එක. එකට විසදුමක් තමයි මම අද කියන්න යන්නේ. මේක ගොඩක් ලෙහෙසි වැඩක් පොඩි දෙයයි කරන්න තියෙන්නේ . ඔයා බාන Torrent file එකේ. කාන්දම් ලින්ක් එක හෝ .torrent file එකේ ලින්ක් එක මම කියන site එකට දාන එකයි :) වැඩි කතා නැතුව වැඩේට බහිමු http://www.zbigz.com/ මෙන්න ලින්ක් එක :)



ඔන්න screen ෂොට් එකකුත් දැම්ම . එහෙනම් අදට මන් ගියා ප්‍රශ්න තියනම් අහන්න :)


ඉතුරු ටික කියවන්න

අන්තර්ජාලයේ සටහන් පොත.

අපිට මතක තියා ගන්න අපහසු දේවල් අපි සටහන් පොතක සටහන් කරගන්නවා නේද ? නැත්නම් computer එකේ TEXT file එකක් හදල ඒකට දානවා :D එහෙමත් නැත්නම් ෆෝන් එකේ සටහන් කරගන්නව. :)
හදිසියේ වත් මේ එකක් හරි විනාශ වුනොත් :( වහ කන්න තමයි වෙන්නෙ :D 


එකට විසදුමක් තමයි evernote . මෙය අපගේ පෞද්ගලික සටහන් පොත ලෙස භාවිතා කරන්න පුළුවන්. 100% ක් ආරක්ෂිතයි. ඒවගේම පහසුයි :) අපිට ඕන තරම් සටහන් මෙහි ගබඩා කරන්න පුළුවන්. අපි සටහන් කරන හැම දෙයක්ම evernote account එකට ආරක්ෂිතව ගබඩා වෙනව. ඒක නිසා අපිට ඕනෑම තැනකදී ඕනෑම වෙලාවක අපේ සටහන් ලබාගන්න පුළුවන්. මෙය ඔබගේ android device එකත් සමග භාවිත කරන්නත් පුළුවන්. ඕනෑම සටහනක් ඉක්මනින් සොයා ගන්නත් පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු :) මෙන්න ලින්ක් එක http://evernote.com/ අලුතෙන් account එකක් create කරලම වැඩේට බහින්න. 




එහෙනම් අපි ගියා ප්‍රශ්න තියනවා නම් comment එකක් දාල යන්න :)

ඉතුරු ටික කියවන්න

නොමිලේ දෙන Download Manager (Open Source)

මම අද කියන්න යන්නේ Open Source මෘදුකාංගයක් ගැනයි . ඒකෙ නම තමයි Download Manager හැබෙයි මේක කව්රුත් දන්න IDM එක නෙවෙයි මේක 100% ක් නොමිලේ . මෙම බ්ලොග් අඩවියෙහි ඇති මෘදුකාංග සියල්ල Open Source .
හරි මම මුලින්ම පොඩි හදින්වීමක් කරන්නම්. මෙම මෘදුකාංගයෙන් torrent download , Video download ඕනෑම දෙයක් පහසුවෙන් බාගත හැක . එහෙත් මෙය IDM තරම් පහසු නැත . කාලයත් සමග ඔබට මෙම මෘදුකාංගය මුළුමනින්ම වටහා ගත හැක :)  මෙන්න ලින්ක් එක

http://freedownloadmanager.org/download.htm බාගෙනම බලන්න :) අව්ලක් තියනවා නම් කියන්න .


එහෙනම් අපි ගියා වැඩේ හොදයි කියල හිතෙනවා නම් comment එකක් දාල යන්න :)

ඉතුරු ටික කියවන්න

හොදම Firewall එක මොකක් ද ?

මොකක් ද හොදම Firewall එක ?? කාටත් තියන ප්‍රශ්ණයක් තමයි මේක. ඔන්න මම නම් මේ පරශ්නෙ ට උත්තරේ හොයාගත්ත . හැබෙයි මේක මට හොදයි කියල හිතුනට තවත් කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන් . මේක නොමිලේ ලබා ගන්න පුළුවන් සේවාවක් .
හරි මන් කියන්නම් මේකෙන් අපිට තියන වාසි මොනවා ද කියල.
Firewall එකක් නැත්නම් අපි අන්තර්ජාලය භාවිතා කරදිදි අපට නොදැනීම අපේ දත්ත වෙනත් කෙනෙක්ට ගන්න පුළුවන් . එහෙම අනතුරක් වෙන්නේ අපේ අතින් නොදැනුවත් කමින් පරිගණකයට ඇතුල් වන විනාශකාරී වැඩසටහන් මගින්ය. මේ හැම දෙයක්ම වෙන්නේ අපගේ අන්තර්ජාල සම්බන්ද තාවය භාවිතා කරමින් ය. මම අද කියන්න යන්නේ අපේ අන්තර්ජාල සම්බන්ද තාවය වෙනත් software එකක් මගින් බාවිතයට ගන්න සැරසෙන විට එසැනින් අපිට කියන Firewall එකක් ගැනයි .


මෙම ලින්ක් එකෙන් බාගන්න http://www.zonealarm.com/security/en-us/zonealarm-pc-security-free-firewall.htm නොමිලේ දෙන එක විතරක් ගන්න (Free Firewall)
Firewall එක ඔබේ පරිගණකයට ස්ථාපනය කරගන්න. දැන් ඔබ පරිගණකය බාවිතා කරදිදි පහත දැක්වෙන පරිදි හදිසි පණිවිඩයක් දිස්වුවහොත්. එම පණිවුඩය හොදින් කියවා බලන්න එහි සදහන් වන software එක ඔබ හදුනාගත් එකක් ද කියා . ඔබ හදුනාගත් එකක් නම් එය Allow කරන්න . නැතිනම් Deny කරන්න .


දැන් ඔබ hackers ලා ගෙන් 99.9% ක් ආරක්ෂිතයි. වැඩේ හොදයි නේ :) එහෙනම් මන් ගියා . ප්‍රශ්න තියනවා නම් comment එකක් දාල යන්න . ජය වේවා (y)
ඉතුරු ටික කියවන්න


මෙමෙ බ්ලොග් අඩවියෙහි උපුටා ගත් කිසිවක් නොමැත. මෙහි ඇති කිසිවක් අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.