අපි කාටත් වැදගත් දෙයක් තමයි අපේ පරිගණක යේ හෝ දුරකතනයේ ඇති data හදිසියේ වත් මේවා නැති වුනොත් :( HardDisk එක කියන්නේ සත පහකට වත් විශ්වාස කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් මේකට හොදම පිලියමක් තමයි Dropbox .හරිම ලේසියි ඒවගේම විශ්වාසයි. අපි බලමු කොහමද මේක බාවිතා කරන්නේ කියල.


මුලින්ම මේ ලින්ක් එකෙන් ගිහින් Dropbox අලුත් account එකක් create කරන්න. දැන් ඔයාට 2gb ඉඩක් ලැබිල ඇති දත්ත ගබඩා කිරීමට. එයාල software කෑල්ලකුත් දෙනව එකත් බා ගන්න. ඒ software එකට ඔයාගේ Dropbox account එක ලොග් කරන්න. දැන් ටාස්ක් බාර් එකේ වැටිලා ඇති අයිකන් එක ඒක ඔපෙන් කරල ඔයාට ඕන තරම් file දාන්න හැබෙයි 2gb වලට අඩුවෙන් . දැන් ඒ file ඔක්කම Dropbox එකට නිකන්ම upload වෙනව. :) වැඩේ ඉවරයි . ලෝකේ විනාස වුනත් Dropbox එක නම් නැති වෙන්න නැ :D

පොඩි වැඩක් කියන්න අමතක වුන Dropbox android app එකක් තියනව ඒක ෆොන් එකට දාල තිබුනම ෆොන් එකේ ෆොටෝ ටිකත් Dropbox එකට upload වෙනව. කිසිම සැකයක් තියා ගන්න එපා මේ වැඩේ ගැන 100% ක් විශ්වාසයි. කාටවත් hack කරන්නත් බැ කිසි කෙනෙක් ට ගන්නත් බැ .
එහෙනම් අදට ඇති මන් ගියා සුබ දවසක් . වැඩේ හොදයි නම් comment එකක් දාල යන්න .


මෙමෙ බ්ලොග් අඩවියෙහි උපුටා ගත් කිසිවක් නොමැත. මෙහි ඇති කිසිවක් අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.